top of page
Writer's pictureBlack Fox News SL

හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

හෙරොයින් සහ රුපියල් ලක්ෂ 70කට ආසන්න මුදලක් සමග පුද්ගලයෙකු කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17) රාත්‍රියේ ගාලු මුවදොර ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කුඩා ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමෙන් අනතුරු එහි රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ලොරි රථයේ රියදුරු අසුන් අසල වූ බෑගයක් තුළ තිබී රුපියල් හැට නව ලක්ෂ 49,500ක මුදලක් සොයා ගෙන ඇති අතර පොලිස් නිල සුනඛයින් යොදා රථය පරීක්ෂා කිරීමේදී රියදුරු අසුන යට තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 340ක් සොයා ගෙන තිබේ.

එම අවස්ථාවේ සැකකරුගේ දුරකථනයෙන් පොලිස් නිලධාරීන් සමග සම්බන්ධ වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා ගෙන රියදුරු මුදාහරින ලෙස එම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි මත්ස්‍ය වෙළෙන්දෙකු බවද පොලීසිය පැවසීය.


1 view0 comments

Comments


bottom of page