top of page
Writer's pictureBlack Fox News SL

වසන්ත මුදලිගේ පෙති ගසා මරාදමන බවට වන්නිලඇත්තන්ට කුරුණෑගලින් නිර්නාමික ලිපියක්.


ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට සඳහන් කරමින් නිර්නාමික ලිපියක් ලැබී ඇත.

පසුගිය 04 වනදා වන්නිලඇත්තන් එම ලිපිය ලැබී ඇති අතර ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේට එරෙහිව ක්‍රියාත්මක දඬුවම සම්බන්ධයෙන් යළිත් වරක් සිතාබලන ලෙසට මාධ්‍ය වෙත මීට ඉහත දී පවසා තිබුණි.

වසන්ත මුදලිගේ ගේ සහෝදරයා විසින් අදාළ ලිපිය අද (08) මාධ්‍යයට අනාවරණය කරන ලදී.

අනුර මුදලිගේ,

“පෙති ගහලා මරනවා කියලා තියෙනවා.වන්නිලඇත්තන්ට කියලා තියෙනවා පෙනී ඉන්න එපා කියලා.ලියුම කුරුණෑගලින් ඇවිල්ල තියෙන්නේ”

1 view0 comments

Comentarios


bottom of page