top of page
Writer's pictureBlack Fox News SL

වෙලේ සුදා ගේ ගිනිඅවි නඩුවටත් දින නියම වෙයි


සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ගිනිඅවි සන්තකයේ තබාගත්තේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා පැවරූ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 9 වනදා පවත්වන බවට කොළඹ මහාධිකරණය අද (12) දින නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩුව කැඳවූ අතර බොරලැස්ගමුව පොලීසියේ ස්ථානාධිපති ඇතුළු සාක්ෂිකරුවන්ට එදින අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙසට නියෝග නිකුත් කෙරුණි.

ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා මේ වනවිට මරණීය දණ්ඩනය නියමවී බන්ධනාගාරගතව පසුවෙයි.

2006 අප්‍රේල් 24 දින හෝ ඊට ආසන්න දිනකදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී ටී 56 ගිනිඅවියක් හා රිවෝල්වරයක් සන්තකයේ තබාගැනීමට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

ඒ අනුව, තුවක්කු ආඥා පනත යටතේ ගැනෙන දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීම ට අදාළ අධි චෝදනා දෙකක් යටතේ මෙම නඩුව පවරා තිබේ.

1 view0 comments

Comments


bottom of page