top of page
Writer's pictureBlack Fox News SL

මහ මහුද වනසන ඩයිනමයිට් තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව වෙත ලද තොරතුරක් මත අද (18) දහවල් ත්‍රිකුණාමළය මූලස්ථාන පොලීසිය සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී නීති විරෝධීව මසුන් මැරීම සදහා රැගෙනවිත් තිබූ ජෙලට්නයිට් කරල් 58 ක් සහ ඒවා පිපිරවීම සදහා යොදාගන්නා ඩෙටනේටර් 100 ක් ඇතුළුව පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රිකුණාමල නගර මධ්‍යෙය්දී සාර්තකව අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. සංචාරක පාරාදීසයක් වන ත්‍රිකුණාමලය මුහුදු තීරයේ මෙලෙස නීති විරෝධී අන්දමින් සිදුකරණ අනවසර පිපිරවීම් හේතුවෙන් කොරල් පර අශ්‍රිත කුඩා මසුන් සහ මත්ස්‍ය බිත්තර විණාශවීමේ දැඩි අවධානමකට ලක්ව ඇත.



9 views0 comments

Comments


bottom of page