top of page
Writer's pictureBlack Fox News SL

කොටින්ට හිතවත් ඉන්දීය ජාතිකයෙකුගේ නිවසක් පරික්‍ෂාවට ලක් කෙරේ...


එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධතා පැවැත් වූ බවට සැකපිට ඉන්දීය ජාතිකයෙකු නිවසක් සෝදිසි කිරීමට එරට ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පියවර ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අදාළ පුද්ගලයාගේ තමිල්නාඩු ප්‍රාන්තයේ, සිවගංගගි නගරයේ පිහිටි නිවසක් එරට ජාතික විමර්ශන ඒජන්සියට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකු විසින් ඊයේ (07) සෝදිසි කරනු ලැබ ඇති බව ය.

විග්නේෂ්වරන් නැමැති අයෙකුගේ නිවස පැය දෙකක පමණ කාලයක් සෝදිසි NIA කණ්ඩායම විසින් සෝදිසි කර ඇත.

එහිදී NIA නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති අතර, සෝදිසියේදී හමු වූ එල්.ටී.ටී.ඊ. ය පිළිබඳ ලියකියවිලි කිහිපයක් සහ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සිය භාරයට ගෙන තිබේ.

විග්නේෂ්වරන් නමැති අදාළ පුද්ගලයා චෙන්නායිහි සේවය කරමින් සිට ඇති අතර තහනම් එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් අය සමග සම්බන්ධතා පවත්වා ඇතැයි තවත් ආරංචි මාර්ගයක් සඳහන් කර ඇත.

මීට සමගාමීව සිදු කළ තවත් නිවසක් සෝදිසි කිරීමේ දී දේශීය නිෂ්පාදනය කළ තුවක්කු සහ පෙට්‍රල් බෝම්බ තිබී සොයා ගෙන ඇති අතර එහිදී සංජය ප්‍රකාශ් සහ නවීන් චක්‍රවර්ති නැමැති සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික විමර්ශන ඒජන්සිවේ නිලධාරීන් සැක පළ කරනුයේ එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය වීමේ හෝ එක්වීමේ අරමුණින් මෙම අවි නිපදවීම අදාළ සැකකරුවන් සිදු කර ඇති බවය. මාස 03ක කාලයක් සිදු කළ විමර්ශනයකින් පසු මොවුන් සිටි නිවස මෙලෙස පරික්‍ෂාවට ලක් කර ඇතැයි සදහන් වේ. (From Dinamina)

3 views0 comments

Comments


bottom of page