top of page
Writer's pictureBlack Fox News SL

ඉරාන විරෝධතාකරුවන් විසින් එරට රාජ්‍ය නාළිකාවක ප්‍රවෘත්ති විකාශය සිදුවන අතරවාරයේ දි සයිබර් ප්‍රහාරයක්


ඉරාන විරෝධතාකරුවන් විසින් එරට රාජ්‍ය නාළිකාවක ප්‍රවෘත්ති විකාශය සිදුවන අතරවාරයේ දි සයිබර් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඉරාන උත්තරීතර නායක අල් කමේනිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක් සම්බන්ධයෙන් වු පුවතක් විකාශය වෙමින් පැවැති අවස්ථවේ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී, එම ප්‍රවෘත්තියේ විකාශය වෙනුවට ඉරාන උත්තරීතර නායක අල් කමේනිගේ රුව යොදාගනිමින් සහ මෑත කාලයේ දි රාජ්‍ය ක්‍රියා හේතුවෙන් මියගිය කාන්තාවන්ගේ රුව භාවිත කරමින් සකස් කළ විඩියෝ පටයක් විකාශය වී තිබේ.

පොලිස් අත්අඩංගුවේ සිටි කුර්දි ජාතික තරුණියක් මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඉරානයේ විරෝධතා පැවැත්වෙන අතර මෙම ක්‍රියාවද විරෝධතාකරුවන් විසින් සිදුකර ඇති බව වාර්තා වේ.

"අපත් සමග එකතු වී නැගිසිටින්න" යනුවෙන් අදාළ සයිබර් ප්‍රහාරයෙන් ප්‍රචාරය කළ විඩියෝ පටයේ දක්වා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

1 view0 comments

Comments


bottom of page